Discover millions of ebooks, audiobooks, and so much more with a free trial

Only $11.99/month after trial. Cancel anytime.

A Dream within a Dream Selected American Poems and Poets in World Lit- සිහිකයක සිහිනයක්- විශ්ව සාහිත්‍යයේ තෝරාගත් අමෙරිකානු කවි සහ කවියෝ
A Dream within a Dream Selected American Poems and Poets in World Lit- සිහිකයක සිහිනයක්- විශ්ව සාහිත්‍යයේ තෝරාගත් අමෙරිකානු කවි සහ කවියෝ
A Dream within a Dream Selected American Poems and Poets in World Lit- සිහිකයක සිහිනයක්- විශ්ව සාහිත්‍යයේ තෝරාගත් අමෙරිකානු කවි සහ කවියෝ
Ebook200 pages1 hour

A Dream within a Dream Selected American Poems and Poets in World Lit- සිහිකයක සිහිනයක්- විශ්ව සාහිත්‍යයේ තෝරාගත් අමෙරිකානු කවි සහ කවියෝ

Rating: 3.5 out of 5 stars

3.5/5

()

Read preview

About this ebook

මෙම විශ්ව කාව්‍ය සාහිත්‍යයට පය තැබීමේ දී තේරුම් යන්නේ එය වනාහී මහා සාගරයක් බඳු ය. එහි සිටින්නා වූ විවිධ වර්ගයේ මත්සයින් මෙම කවීන් ය. එම ගවේෂණයේ දී එකතු කළ කවී සහ කවීන් එක කෘතියකට ගන්නේ නම් ඉතා විශාල කෘතියක් වන බැවින් මා විසින් ලෝකය බෙදා දක්වා වර්ග කර වෙන වෙනම කෘතීන් සමපාදනය කිරීමට කල්පනා කිරීමේ ඵලයක් ලෙස අමෙරික් සාහිත්‍යයේ තෝරාගත් කවි සහ කවීන් ඇතුළත් මෙම කෘතිය පළමුව ප්‍රකාශ කරන්නෙමි.
අමෙරිකානු කාව්‍ය සහිත්‍යයේ තෝරාගත් කාව්‍ය සමාරෝපනය හා එම කවියෙන්ගේ අපූර්ව ජීවන චරිතාපදානයන් මෙම සංගෘහිතයට ඇතුලත් ය.ටී. එස් එලියට්-T. S. Eliot,ඛලිල් ජිබ්රාන් -Khalil Gibran,මායා ඇන්ජෙලෝ- Maya Angelou,විලියම් කාලෝස් විලියම්- William Carlos Williams,Edgar Allan Poe -එඩ්ගා ඇලන් පෝ, Emily Dickinson - එමිලි එලිසබෙත් ඩිකින්සන්, Ezra Loomis Pound - එස්රා ලූමිස් පවුන්ඩ්, Langston Hughes -ලංස්ටන්,Robert Frost- රොබටි ෆ්රොස්ට්, Walt Whitman- වෝල්ට් විට්මන්, W. H. Auden- ඩබ්. එච් ඕඩන්, Pamela Sinicrope- පමෙලා සිනික්රෝප්, Daniel J. Brick- ඩැනියල් ජේ. බ්‍රික්, Kelly Kurt- කෙලී කර්ට්

LanguageSinhala
Release dateSep 29, 2017
ISBN9781370917808
A Dream within a Dream Selected American Poems and Poets in World Lit- සිහිකයක සිහිනයක්- විශ්ව සාහිත්‍යයේ තෝරාගත් අමෙරිකානු කවි සහ කවියෝ
Author

Udaya R. Tennakoon

As a Diaspora Poet, he lives in Zürich, Switzerland, but his home country is Sri Lanka, where he was born in 1970. Being a political refugee, he sees the world in many perspectives and engages with writing, theater, and research. Tennakoon graduated from University of Colombo and University of Kelaniya, Sri Lanka. At the University of Basel, Switzerland, and also at the University of Innsbruck, Austria, He has studied ‘History’ in his bachelor, ‘Drama and Theater’ and ‘Peace and Conflict Transformation’ for my master Studies. As a writer, he has published several books in Sinhala and has done some theater works. He contributes articles to many websites and also as a social activist, he has been engaging with many voluntary works inside Switzerland and Europe as well as outside in Nepal and Sri Lanka.

Read more from Udaya R. Tennakoon

Related to A Dream within a Dream Selected American Poems and Poets in World Lit- සිහිකයක සිහිනයක්- විශ්ව සාහිත්‍යයේ තෝරාගත් අමෙරිකානු කවි සහ කවියෝ

Related categories

Reviews for A Dream within a Dream Selected American Poems and Poets in World Lit- සිහිකයක සිහිනයක්- විශ්ව සාහිත්‍යයේ තෝරාගත් අමෙරිකානු කවි සහ කවියෝ

Rating: 3.5 out of 5 stars
3.5/5

2 ratings0 reviews

What did you think?

Tap to rate

Review must be at least 10 words

    Book preview

    A Dream within a Dream Selected American Poems and Poets in World Lit- සිහිකයක සිහිනයක්- විශ්ව සාහිත්‍යයේ තෝරාගත් අමෙරිකානු කවි සහ කවියෝ - Udaya R. Tennakoon

    හැඳින්වීම

    වෙනත් භාෂාවන්ගෙන් ලියැවුණු කාව්‍ය සිංහල භාෂාවට නැගීම හා සිංහලෙන් කියැවීමට ලැබීම අලුත් දෙයක් නොවේ. එසේම කාව්‍ය විෂයෙහි දී විශ්ව සාහිත්‍යයේ කවි සිංහල අනුවාදයන් හා පරිවර්තන ලෙස බොහෝ අය විසින් හඳුන්වා දී ඇත. පුවත්පත් සඟරා හා සයිබර් අවකාශය තුල ද මෙම සාහිත්ය ප්රවණතාව දැකිය හැකි වීමත් සිංහල පාඨකයාට කියැවීමට ලැබීමත් දුර්ලභ දෙයක් ලෙස සැළකිය නොහැකි අවකාශයක් තුල මෙම පරිවර්තන එකතුව ප්‍රකාශනයක් ලෙස එලි දක්වන්නේ වරින් වර මා විසින් කියවන ලද කවි කෙරෙහි යම් කැමැත්තක් හා වෙනත් භාෂාවක අදහසක් මගේ භාෂාවට පෙරලීමට ඇති කැමැත්තක ප්‍රථිපලයක් ලෙස ය. එහෙත් ප්‍රකාශනයක් බවට පත්කිරීමේ අදහස පැමිණි විට එම කාර්යය විධිමත් කිරීමට හා සංගෘහිත කවි එකතුව තුලින් කියවන්නාට යම් ගතයුත්තක් ලාබාදෙන්නේ නම් අවශ්‍ය කුමක් දැයි යන පැනය මා හට පැමිණි විට මගේ අදහස වූයේ විශ්ව සහිත්‍යයේ ප්‍රකට කවීන්ගේ අප්‍රකට කවිද ඇතුලත් කිරීම යන අදහස එක අරමුණක් කර ගැනීමය. දෙවැන්න වූයේ සිංහල සාහිත්‍යයේ දී එතරම් ප්‍රකට නැති කවීන්ගේ නිර්මාණ ද අන්තර්ගත කිරීමය. තුන්වැන්න පාඨකයාට කවීන්ගේ ජීවන තොරතුරු පිළිබඳ වෙ වෙනම කෙටි සටහන් තැබීමය. මන්ද නිර්මාණකරුවන්ගේ ජීවන තොරතුරු ඔවුන්ගේ නිර්මණවලට මෙන්ම සමාජ දේශපාලනික යාථාර්තය පිළිඹිබු කර ඇත්තේ කෙසේ ද යන්න තේරුම් ගැනීමටත් වැදගත්වන යෙහිනි.

    තවද ඉංග්රීසි භාෂාවෙන් කවි ලිවීමේ දී විවිධ කවීන් විසින් රචනා කර ඇති නිර්මාණ වෙත අවධානය යොමු කිරීමේ දී, සම්භාව්ය මෙන්ම සමකාලීන කවීන් ද නූතන කවීන් ද හමු වන අතර සමහර කවීන් හා සමීප සම්බන්ධතා ද ගොඩ නැගීමේ ථලයක් ලෙස ඔවුන්ගේ කාව්ය කිහිපයක් ද මෙම නිර්මාණ එකතුවට ඇතුලත්ය. ඒ ඔවුන් තුල විචාරක හා පාඨක අවධානයක් හා කාව්ය සඳහා සුවිශේෂී දායකත්වයක් සපයන බැවින් වීම ද සඳහන් කළ යුතුය.

    මෙම විශ්ව කාව්‍ය සාහිත්‍යයට පය තැබීමේ දී තේරුම් යන්නේ එය වනාහී මහා සාගරයක් බඳු ය. එහි සිටින්නා වූ විවිධ වර්ගයේ මත්සයින් මෙම කවීන් ය. එම ගවේෂණයේ දී එකතු කළ කවී සහ කවීන් එක කෘතියකට ගන්නේ නම් ඉතා විශාල කෘතියක් වන බැවින් මා විසින් ලෝකය බෙදා දක්වා වර්ග කර වෙන වෙනම කෘතීන් සමපාදනය කිරීමට කල්පනා කිරීමේ ඵලයක් ලෙස අමෙරික් සාහිත්‍යයේ තෝරාගත් කවි සහ කවීන් ඇතුළත් මෙම කෘතිය පළමුව ප්‍රකාශ කරන්නෙමි.

    පරිවර්තන කාර්ය යන්න හිතන තරම් පසහු දෙයක් නොවන්නේ පද පෙරලියට එහා ගිය සංස්කෘතියක් විශේෂයෙන්ම කවියාගේ හා එම පරිසරය තුල ඇති නිසාවෙනි. මෙහි එන බොහෝ කවීන්ගේ එම නිර්මාණ තේරුම් ගත යුත්තේ ද එම සන්දර්භයේ දීය. නවකතා කෙටිකතා හා වෙනත් සාහිත්‍ය කිර්මාණයන්ට වඩා වෙනත බසක කාව්‍ය තවත් බසකට පෙරළීම එතරම් පහසු කටයුත්තක් නොවන බව කිව යුත්තකි. හේතුව වන්නේ කාව්‍ය භාෂාව තුල පද අර්ථයට වඩා ප්‍රකාශනයේ අභ්‍යන්තරික අර්ථය සොයා ගත යුතු බව මෙන්ම එහි රිද්මය හඳුනා ගැනීමය. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ප්‍රකාශනයේ දී එක වචනයකට ඇති අරුත සිංහලට පෙරළීමේ දී එක වචනයක අර්ථයක් සොයා ගත නොහැකි අතර පද ගනනකින් එය සංජානනය කරන්නට යෑමේ දී, එහි කවියෙහි ආකෘතිය හා රිද්මය පවත්වා ගැනීම කළ හැකි වන්නේ ඉතා දුෂ්කරව ය. එම අර්ථයෙන් පරිවර්තනය යන යෙදුම පවා ගැලපේ ද යන්න සිතිය යුතු ය. අනුවර්තනය කිරීමක් ද නො වන්නේ නම් පරිවර්තනයක් අනුවර්තනයක් අතර ඇති වෙනසට වෙනත් නමක් තිබිය යුතුය.

    මෙම කෘතියේ අන්තර්ගත නිර්මාණ වෙත අවධානය යොමු කිරීමේ දී තෝරා ගන්නා ලද කවීන් හාකිවිඳියන් විශ්ව සාහිත්‍යයේ සම්භාවනාවට පාත්‍රවූවන්ය. සමහර කවීන් සිය රටට සුවිශේෂිත්වයක් දක්වන්නවුන්ය. එම සුවිශේෂත්වය වන්නේ සමාජ හා දේශපාලනික අර්ථයෙන් සමාජයට ප්‍රගතිශීලී දායකත්වයක් දුන් අය වෙති. මුල දී, තෝරා ගන්නා ලද නිර්මාණ දෙස යළි විමසීමේ දී, මා හට අති වූ හිදැස හේතුවෙන් යළිත් කවීන් කිහිප දෙනෙකු එක් කරන්නට කල්පානා කළ අතර ඉන් අනතුරුව ද තවත් කහිප දෙනෙකු ඇත්ළත් කරන ලදී. මෙය වනාහී අවසන් වන ක්‍රියාවලියක් නො වන බව මගේ සිතට හැඟුමක් ගෙන ආවත් එය යම් සීමාවකට යටත් කළ යුතු නිසා මිසක විශ්ව සාහිත්‍යයේ සිටින නිර්මාණවල ප්‍රමාණය නිසා නො වන බව පැවැසිය යුත්තකි. එබැවින් මෙම සංගෘහිතය වනාහී සාගරයේ දිය දෝතක් වැනි ය.

    Udaya R. Tennakoon

    2017 September Zürich

    ටී. එස් එලියට්-T. S. Eliot- 1888–1965- අමෙරිකාව/ එංගන්තය

    https://media.poetryfoundation.org/m/image/1094/t-s-eliot.jpg?w=448&h=&fit=max

    ටී. එස් එලියට්-T. S. Eliot- 1888–1965- අමෙරිකාව/ එංගන්තය

    තෝමස් ස්ර්න්ස් එලියට්(Thomas Stearns Eliot) යන නාමය කෙටි කොට ලොව පුරා දැන ‍හඳුනාගත් කවියා ටී. එස් එලියට් ය. කවියෙකු, විචාරකයෙකු හා නාට්‍යකරුවෙකු ලෙස විශ්ව සාහිත්‍යට එක් වන ඔහු නොබෙල් සාහිත්‍ය සම්මා ලාභියෙකි. 1888 සැප්තැම්බර් මස 26 වැනි දින අමෙරිකාවේ ශාන්ත ලුවි හි මිසරීවල උපත ලද එලියට්ගේ පියා හෙන්රි වාර් එලියට් Henry Ware Eliot නම් වූ දක්ෂ ව්‍යවසායකයෙකු ලෙස හඳුන්වනු ලැබේ. ඔහුගේ මව චාර්ලට් චැම්බේ ස්ටර්නස් Charlotte Champe Stearns නමු වූ ඇය කිවිඳයක මෙන්ම සමාජ සේවිකාවකි. හය දෙනෙකුගෙන් යුතු දරුවන්ගෙන් එලියට් අනෙක් අයට වඩා වයස පරතරය වැඩි වශයෙන් ඇති අවසාන දරුවා වේ. වයස අවුරුදු 18 වන තුරු අමෙරකාවෙහි ජීවත් වූ ඔහු 1898 දී තම මූලික අධ්‍යාපනය වොෂින්ටන් සරසවිය සඳහා ඇති ස්මිත් ඇකඩමියෙන් ලබා ගත්තේ ය. එහි දී ඔහු 1905 දී එයින් පිටවන කාලය තුල ලතින්, ග්‍රීක, ප්‍රංශ සහ ජර්මන් යන භාෂාවන් ඉගෙන ගන්නට වූවේ ය. පැවැති විභාග සාමාර්ථයෙන් පසුව හාවඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වි සිය ප්‍රථම උපාධිය (බී. ඒ) හා මාස්ටර් උපාධිය (එම්. ඒ) ඉන් ලබා 1910 දී ඔහු එක්සත් ජනපදයෙන් සෝබෝන් කරා පැමිණියේ ය. හාවඩ් සරසවි ජීවිතය තුල දී ඔහු විසින් ලියන ලද කවි කීපයක් ඒ සඳහා දායක කරීමට ද ඔහු සමත් වූවේ ය.

    පැරිස්වල දී වසරකින් පසුව ඔහු නැවත හාවඩ් වෙත පැමිණියේ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිය සඳහා ඉගෙන ගැනීමට ය. එම කාලයේ දී ඉතාමත් උනන්දුවකින් හා පුළුල් ලෙස එෆ්. එච් බ්‍රැඩ්ලිගේ (F.H. Bradley) රචනා, බෞද්ධ දර්ශනය සහ ඉන්දීය දර්ශනය කියන්නට වූවේ ය. එම පාඨමාලාවන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 1914 දී ලද ශිෂ්‍යත්වයකින් ඔහුව ඔක්ස්ෆර්ඩ් සරසවියේ මර්ටන් කොලිජියට යවන්නට වූවේ ය. එහි දී ඔහුට තම අනාගත සහකාරිය වූ කේම්බ්‍රිජ් කථිකාචාර්යවරියක වූ විවියන් හමු වූවේ ය. මර්ටන් පාසලේ සේවය මැද කාලයේ දී අතහැර 1915 ජූනි 26 වන දින විවියන් හා විවාහ වන්නට වූයේ අප්‍රසිද්ධ සාදයක් ගනිමිනි. ලන්ඩනයේ පදිංචි වූ එලියට් විසින් කළ කුඩා උගැන්වීමේ රැකියාවන් කරමින් සිය පවුල් ජීවිතයට සහයෝගය දක්වන්නට විය. ගුරු වෘත්තියට අමතරව ලිපිකරුවෙකු ලෙස ලියොඩ්ස් බැංකුවෙත්

    Enjoying the preview?
    Page 1 of 1